BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

ශ්‍රී ලංකාව පුරා පැතිරයන්නේ බ්‍රිතාන්‍ය කොරෝනා වෛරස් ප්‍රභේදය බව තහවුරු වෙයි

මේ දින වල ශ්‍රී ලංකාවේ කොළඹ, බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවලින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගෙන් ලබාගත් සාම්පල තුළින් බ්‍රිතාන්‍යයේ පැතිර යන විකෘති කොවිඩ් වෛරස් ප්‍රභේදය හඳුනාගෙන තිබෙනවා. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින්,

එම විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසා සිටින්නේ එම ප්‍රභේදය B 1 1 7 ලෙස හඳුනාගෙන ඇති බවත් මෙරට තුළ කොවිඩ් -19 වේගයෙන් පැතිර යෑමට එම ප්‍රභේදය හේතුවී ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කලේ,

“පහුගිය සති දෙක තුන ඇතුළත කාලය තුළ ඉතා වේගයෙන් රෝගීන් හමුවීමක් සිදුවුණා. ඒ වගේම රෝග ලක්ෂණ වැඩියි කියලා කථිකාවක් පැවතියා. ඒ නිසා අපි මේ සම්බන්ධව පරීක්ෂණ කළා. කොළඹ, බොරලැස්ගමුව සහ කුරුණෑගල යන ප්‍රදේශවල සාම්පල 43ක නියැදි අපි අධ්‍යනය කළා. ඒ අනුව අද උදෑසන වනවිට අපි තහවුරු කරගෙන තියෙනවා, ඒ පැතිරෙන්නේ එංගලන්තයේ මේ වනවිට B 1 1 7 කියන ප්‍රභේදය කියලා. අපි ඒක සියයට සීයක් තහවුරු කරගෙන තියෙනවා. මේ ප්‍රභේදය ටිකක් ගැටලුකාරී එකක්. විද්‍යාත්මක සාධක ඔප්පු කරලා තියෙනවා මේකෙන් මරණ ඇතිවීම සාමාන්‍ය ප්‍රභේදයට වඩා 55%ක් දක්වා වැඩිවෙනවා. ඒ වගේම පැතිරීම 50%ක් දක්වා වැඩි වෙනවා. අනෙක් පැත්ත තමයි ලංකාවේ භාවිත කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතට මේ ප්‍රභේදය තාමත් සංවේදි යි.” යනුවෙන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button