BREAKING NEWSEXCLUSIVE

දිවයින පුරා කිව් ආර් ක්‍රමවේදය අද සිට – තෙල් මිල අද අඩුවන ලකුණු

ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමවේදය හෙවත් කිව් ආර් ක්‍රමවේදය අද (01) සිට දිවයින පුරා පිරවුම්හල්වල ක්‍රියාත්මක බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
එමෙන්ම දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 1,140 ක් මෙම ක්‍රමය සමඟ අනුගත වී එය තාක්ෂණිකව අත්හදා බලා ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
ඊයේ දිනයේ පමණක් පිරවුම්හල් 702 ක මෙම ක්‍රමය භාවිත කරමින් ඉන්ධන නිකුත් කර තිබුණා.
කිව් ආර් ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාගැනීමට ඊයේ රාත්‍රි අට පමණ වනවිට වාහන මිලියන පහක් ලියාපදිංචි වී තිබූ බවයි විෂයභාර අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ අතර අද සිට කිව් ආර් කේතයේ සඳහන් අංකය සහ වාහන අංක තහඩුවේ සඳහන් අංකය පරීක්ෂාවට ලක් කිරීමෙන් පමණක් ඉන්ධන නිකුත් කරන ලෙස විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර සියලු පිරවුම්හල් හිමියන්ගෙන් සහ කළමනාකාරීත්වයෙන් ඉල්ලීමක් කර තිබුණා.
එමෙන්ම තමන්ගේ රථය සඳහා වෙන්වන ඉන්ධන කෝටාව ලබාගැනීමට සතියක කාලයක් පවතින බැවින් අද දිනයේම පිරවුම්හල් වෙත පැමිණ එය ලබාගැනීමට උත්සාහ නොකරන ලෙස බලශක්ති අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
එමෙන්ම නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග ගබඩා කිරීම අලෙවි කිරීම හෝ ඉන්ධන ලබාදීමේදී නිකුත් කර ඇති උපදෙස් පිළිනොපදින පිරවුම්හල් සහ අදාළ පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබාදීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා.ඒවා 0742 123 123 යන අංකයට වට්ස්ඇප් හරහා යොමුකරන ලෙසත්, නැවත නැවත වැරදි කරන්නන් සඳහා කිව් ආර් ප්‍රවේශය තාවකාලිකව අවහිර කිරීමට මෙම සාක්ෂි භාවිත කිරීමටත් කටයුතු කරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.
එමෙන්ම ඉන්ධන මිල සූත්‍රය අනුව මිල සංශෝධනය කිරීමට නියමිතයි.
සෑම මසකම 1 වනදා සහ 15 වනදා මෙලෙස මිල සංශෝධනය කිරීමටයි රජය මීට පෙර තීරණය කර තිබුණේ.
ඒ අනුව රුපියල් 50 ත් 100 ත් අතර මුදලකින් ඉන්ධන මිල අඩුවනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර මුඛ ආවරණ නොපැළඳ පැමිණෙන්නට අද සිට ඉන්ධන නිකුත් නොකරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සමලේකම් කපිල නාඔටුන්න සඳහන් කළා.
ඒ අනුව පාසල් සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනයන් හි පැවැත්වෙනු ඇති.
ශ්‍රී ලංගම හරහා ලබාදෙන ඉන්ධන පූර්ණ වශයෙන් බස් රථ ධාවනයට ප්‍රමාණවත් නොවන බැවින් අද දිනයේත් පෞද්ගලික බස් රථ ධාවනයට එක් කළ හැක්කේ සියයට 50 ක ධාරිතාවෙන් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළා.
ඔහු කියා සිටියේ මේ හේතුවෙන් අද දිනයේත් බස් රථවල තදබදයක් ඇති විය හැකි බවයි. කියා සිටියේ මේ හේතුවෙන් අද දිනයේත් බස් රථවල තදබදයක් ඇති විය හැකි බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button