BREAKING NEWSEXCLUSIVE

ඊයේ ගිනිගත් නෞකාව මෙරට සාගර කලාපයට බලපෑමක්ද..?

කිරින්ද මහා රාවණා ප්‍රදීප් ප්‍රදීපාගාරය ට නාවික සැතපුම් හාරසිය අසූවක් නැගෙනහිර දෙසින් අනතුරකින්ට ලක්වූ MSC MESSINA නෞකාවේ ගින්න මේ වන විට මැඩ පවත්වා තිබෙනවා.

කොළඹ වරායෙන් පිටත්ව සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබියදී නෞකාවේ එන්ජින් කාමරයේ හටගත් ගින්නක් හේතුවෙනුයි නෞකාව මෙසේ අනතුරට පත්ව තිබුනේ.

නෞකාවේ ගිනි ගැනීම් හේතුවෙන් මෙරට සාගර කලාපයට බලපෑම්ක් නොමැති බවයි රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ.

කෙසේ වෙතත් මේ වනවිට නෞකාව සිංගප්පූරුව වෙත රැගෙන යමින් පවතින බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button