BREAKING NEWSEXCLUSIVEPOLITICS

GSP + ද ත්‍රස්ත්‍රවාදය වැලැක්වීමේ පනතද? යුරෝපා සංගමය යලිත් අනතුරු හඟවයි. නියෝජිතයින් පිරිසක් දිවයිනට..

පසුගිය රජය විසින් අත්සන් තබා තිබෙන ජාත්‍යන්තර සම්මුතීන් 27කට අනුගත ආකාරයෙන් ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වන්නේ නම් මෙරටට ලබා දී තිබෙන ජී.එස්.පී ප්ලස් සහනය අහෝසි කිරීමට සිදුවන බවට යුරෝපා පාර්ලිමේන්තුව කළ අනතුරු ඇඟවීමක් පසුගියදා සිදු කලා.

එහි දැඩිව කියා සිටින්නේ ත්‍රස්ත්‍රවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමට හෝ එහි වගන්ති සංශෝධනයට රජය ක්‍රියා කල යුතු බවයි. මෙම ප්‍රශ්නය විසදා ගැනීම සදහා යුරෝපා පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිත කණ්ඩායමකට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කිරීමට රජය සූදානමින් සිටින බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරනවා.

යුරෝපා සංගමයට අයත් රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට රජය සූදානම් බව විදේශ කටයුතු පිළිබද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම වෙබ් අඩවියට ප්‍රකාශයක්ද ලබා දී තිබෙන බව සදහන්..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button