BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

ජවිපෙ ඉවත් කලා යැයි වසන්ත කියූ ඉරාජ්ගේ ෆේස්බුක් පේජය එළියට..

ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වීමෙන් තහනම් කලා යැයි පැවසූ ප්‍රසිද්ධ ගායකයෙකු වූ ඉරාජ් වීරරත්නගේ මුහුණු පොත් ගිණුම යලිත් Publish වී තිබෙනවා.

එම පක්ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන වසන්ත සමරසිංහ මහතා ඊයේ යලිත් එය ගැනීමටවත් නොහැකිවනසේ තහනම් කර ඇති බව ප්‍රකාශ කර සිටියා.

රු. 80ට අලෙවි කිරීමට ඇන්ටිජෙන් කට්ටල තිබෙන බව දන්වමින් තමන්ගේ දුරකථන අංකය ප්‍රසිද්ධ කිරීම පිටුපස සිටින්නේ ඉරාජ් වීරරත්න බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බවයි සමරසිංහ හෙළිදරව් කලේ. මේ දැන්වීම මත අසරණභාවයට පත් කොවිඩ් වසංගතයට ගොදුරු වූ 3000කට අධික පිරිසකගේ දුරකථන හා වට්ස්අප් පණිවිඩ සිය දුරකථනයට පැමිණි බව සමරසිංහ මහතා සඳහන් කරනවා.

මිනිසුන් අසරණභාවයට පත් මේ වසංගත අවස්ථාවේ එය විහිළුවක් කර ගැනීමට ඉරාජ් වීරරත්න කටයුතු කර තිබෙන බවටයි සමරසිංහ  චෝදනා කරන්නේ.

ඒ සම්බන්ධයෙන් තොරතුරු සනාථ කර ගැනීමෙන් පසු ෆේස්බුක් ආයතනයට පැමිණිලි කළ බවත් එම නරුම වැඩේ කළ නරුමයින්ගේ සම්පූර්ණ මුහුණු පොත ගිණුම අත්හිටුවා තිබෙන බව පෙන්වා දෙන සමරසිංහ මහතා තවත් ගිණුම් ගණනාවක් පිළිබඳව පැමිණිලි කර තිබෙන ඔහු මීට පෙර සදහන් කර තිබුනේ..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button