BREAKING NEWSEXCLUSIVE

ඉරාජ් වීරරත්න ඉල්ලා අස්වෙයි.

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට තම ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකරමින් ඔහු සඳහන් කර තිබෙන්නේ පෙර යොදාගත් නොවැලැක්විය හැකි වැඩසටහන් වලට කැපවීමට අවශ්‍ය බැවින් තමා තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා අස් වන බවයි.

එහි සේවය කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පුදකරන ඉරාජ් වීරරත්න මහතා අවශ්‍යකරන ඕනෑම මොහොතක ශ්‍රී ලංකාව නැවත නගා සිටුවීමට තම සේවය ලබාදීමට සුදානම් බවත් එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button