BREAKING NEWSCRICKETEXCLUSIVEINTERNATIONAL NEWSSPORTS
IPL තරගාවලියේදී තිසර පෙරේරා සහ මා හට වර්ගවාදී ආමන්ත්රණයන්ට මුහුණ දීමට සිදුවුනා- හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායක ඩැරන් සැමි

ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තමන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා හටද වර්ගවාදී ආමන්ත්රණයන්ට මුහුණ දීමට සිදුවූ බව හිටපු බටහිර ඉන්දීය කොදෙව් විස්සයි 20 නායකයා ඩැරන් සැමි ප්‍රකාශ කරයි.
මේ පිලිබඳව ඩැරන් සැමි සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා සටහනක් දක්වමින් පවසා තිබුණේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන විට තමාට සහ තිසර පෙරේරාට මෙලෙස ‘කළු’ නමින් කතා කළ බවත්, ” කළු” නමින් ආමන්ත්‍රණය කිරිමේ තේරුම ශක්තිමත් කළු මිනිසෙක් ලෙස තමන් පළමුව සිතා සිටියත් මෑතකදී සිදුව ඇති සිදුවීම් හරහා තමන් හට අත්විදීමට සිදුව ඇත්තේ කුමක්ද යන්න ගැන පැහැදිලි වු බවත් ය.නමුත්, පැය කිහිපයකින් පසු එය ඔහු විසින් ඉවත් කරගැනීමට පියවර ගෙන තිබුනා..
එම Instagram සටහන..