BREAKING NEWSEXCLUSIVEPOLITICS
IOC පෙට්‍රල් මිල රුපියල් 49කින් ඉහලට. ඔක්ටේන් 92 නව මිල 303/=

අද මධ්‍යම රාත්‍රී 12 සිට සියලුම පෙට්‍රල් වර්ගවල මිල රුපියල් 49කින් ඉහළ දැමීමට ලංකා IOC සමාගම තීරණය කර තිබෙනවා.
එහෙත් ඩීසල් මිල වෙනස් නොවන බව එම සමාගම නිවේදනය කරනවා.රට තුළ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවූ බවද අදාළ සමාගම පවසයි.
ඒ අනුව IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 303ක් දක්වා ඉහළ යනු ඇත අතර, IOC ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 332ක් ලෙසටයි.