BREAKING NEWSEXCLUSIVE

රිෂාඩ් බදියුදීන් කොටු කරන විමර්ෂණය අපරාධ කොට්ඨාසයට පැවරේ

පාස්කු ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදී සැකකරුවකු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, හිටපු යුද හමුදාපති  මහේෂ් සේනානායකට ඇමැතුම් ලබා දී බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා හමුදාපතිවරයාට බලපෑමක් සිදුකර ඇද්ද යන්න සොයා බැලීම සඳහා මෙම පරීක්ෂණය අරඹා තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්තවාදී සැකකරුවකු සම්බන්ධයෙන් දුරකතන ඇමැතුම් ලබා දෙමින් රිෂාඩ් බදියුදීන් රජයේ නිලධාරියෙකුට බලපෑම් කළේද යන්න පිළිබඳව කරුණු සොයා බලා පරීක්ෂණයක් සිදුකරන ලෙසට රජයේ ප්‍රධානීන් සිදු කළ දැනුම් දීමකට අනුව මෙම විමර්ෂනය සිදු වනු ඇත.

වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට පවරා තිබේ.

මේ සම්බන්ධයෙන් ඉදිරියේ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සහ හිටපු හමුදාපති මහේෂ් සේනානායක අපරාධ කොට්ඨාසයට ගෙන්වීමට නියමිතව තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button