BREAKING NEWSEXCLUSIVE

කඳුකර කොටියෙකු මිය යාම සම්බන්දයෙන් විමර්ශන

හැටන්, වනරාජ වතුයායේ සමර්හිල් කොටසේ මද්දකට හසු වීමෙන් පසු ගසක් උඩට නැග සිටි කඳුකර කොටියෙකු මිය යාමේ සිද්ධිය සම්බන්දයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඌරන් සහ කඳුකර කොටියන් දඩයම් කිරීම සදහා කිසියම් පිරිසක් විසින් අටවා තිබු මද්දකට මෙම කඳුකර කොටියා ඊයේ(06) රාත්‍රියේ හසු වී තිබේ. එම අවස්ථාවේදී මද්ද ගලවා ගැනීම සඳහා කදුකර කොටියා ගසට නැග ඇති අතර දිගු වේලාවක් කඳුකර කොටියා ගසේ එල්ලී සිටි තිබෙනවා.

මෙම කඳුකර කොටියා බේරා ගැනීම සඳහා වනජීවි නිලධාරීන් ගස කපා කොටියා බිමට ගැනීමට උත්සාහ කළත්, කොටියා ජීවිතක්ෂයට පත්වූ බව වන නල්ලතන්නිය වනජිවි කාර්යාලය සදහන් කර සිටියා.

මද්ද අටවා තිබූ කම්බියෙන් උදරය කැපි විශාල ලෙස තුවාල සිදු වි තිබීම නිසා කඳුකර කොටියා ජිවිතක්ෂයට පත් වි ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මියගිය කඳුකර කොටියා සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙනිගල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන යෑමට නල්ලතන්නිය වනජිවි කාර්යාලය කටයුතු කර ඇති බවත් වාර්තා වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button