BREAKING NEWSEXCLUSIVEVIRAL NEWS

රහසේ මෙරටට ඇතුළු වූ USAID නියෝජිතයින් සොයා පරීක්ෂන ඇරඹේ..

ජාත්‍යන්තර සංවර්ධන සඳහා ඇමරිකානු කාර්යාංශය හෙවත් USAID හි මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු සඳහා ඇමරිකානු හමුදාවේ හිටපු නිලධාරීන් කිහිපදෙනකු රහසිගතව මෙරටට ඇතුළුවීම සම්බන්ධව කඩිනම් ඉහළ පෙළේ විමර්ශනයක් ආරම්භ කොට ඇත.

ලෝක රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ රාජා ගුණරත්න මහතා ආරක්ෂක අමාත්‍යාංශය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මේ සම්බන්ධව විමර්ශන අරඹා තිබේ.

මෙම කණ්ඩායම් සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ දැනුවත් කර නොමැතිව බව විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විසින් තහවුරු කර ඇති අතර,

මේ සම්බන්ධ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් විමසීම සම්බන්ධව ඉකුත් සිකුරාදා (04 වැනිදා) විදේශ අමාත්‍යාංශ නිලධාරීන් ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණ සාකච්ඡා අරඹා තිබිණි. දැනට අරඹා ඇති බුද්ධි අංශ විමර්ශනවලින් සංචාරක වීසා මත මෙරටට පැමිණි ඇමරිකානු හමුදාවේ සේවය කර පැමිණි නිලධාරියකු හඳුනාගෙන ඇත.

මේ වන විට කෙරෙන විමර්ශනවල අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන්ද මොවුන් පැමිණි ආකාරය සෙවීමට ප්‍රකාශ ලබාගෙන ඇති අතර, එයට අමතරව යු.එස්. එයිඩ් සංවිධානය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන වෙත මුදල් පැමිණි ආකාරය සොයා බැලීම සඳහා මුදල් අමාත්‍යාංශයේ බාහිර සම්පත් අංශයේ නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button