BREAKING NEWSEXCLUSIVE

අරලියගහ මන්දිරයට හානි කල අය සොයා පරක්ෂණ

ජූලි 09 වනදා අරලියගහ මන්දිරය තුලට අනවසරෙන් ඇතු`එ වී එහි දේපලවලට අලාභ හානි සිදු කිරීමේ සිද්ධියට අදාලව තවත් සැකකරුවන් පිරිසක් හදුනා ගැනීමට පොලීසිය මහජන සහය අපේක්ෂා කරනවා.
කොළඹ දකුණ කොට්ඨාශයේ, කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ඒ සම්බන්ධයෙන් වන විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
එම සිද්ධියට සම්බන්ධ බවට සමාජ මාධ්‍යජාලා සහ අන්තර්ජාලය මගින් හඳුනාගත් සැකකරුවන් 50 දෙනෙකුගෙන් යුත් පිරිසගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමටයි පොලීසිය එලෙස මහජන සහය පතන්නේ.
ඔවුන් පිළිබඳ තොරතුරු 0112 42 18 67, 0763 47 73 42 හෝ 1197 අංක වෙත ලබා දෙන ලෙසට පොලීසිය ඉල්ලීමක් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button