BREAKING NEWSEXCLUSIVE

කොරෝනා රෝගීන් නිවාස ආශ්‍රිතව රැකබලා ගැනීමේ නව වැඩපිළිවෙළක් – විශේෂ දුරකතන අංකයකුත් හදුන්වා දෙයි.

වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව කොරෝනා රෝගීන් නිවාස ආශ්‍රිතව රැකබලා ගැනීමේ නව වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා.

1390 සෘජු ඇමතුම් අංකය සම්බන්ධ කරගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනවා.

රෝගීන් වර්ගීකරණයකට ලක් කර අත්‍යවශ්‍යම අය රෝහල්ගත කර සෙසු රෝගීන් නිවෙස්වලම සිටියදී රැකබලා ගැනීම වැඩපිළිවෙළට ඇතුළත්. නිවෙස් තුළ රඳවාව තබන රෝගීන් විශේෂඥවරුන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් දුරකතන මාර්ගයෙන් දිනපතා අධීක්ෂණයකට ලක් කෙරෙනවා.

මේ වෙනුවෙන් වෛද්‍යවරුන් 400 දෙනෙකුට අධික පිරිසක් සිය දායකත්වය ලබා දෙනවා. වැඩපිළිවෙළ යටතේ පිහිට වූ ජාතික දුරකතන මධ්‍යස්ථානයට ලංකා බැංකුවද රෝගීන් හා වෛද්‍යවරුන් සම්බන්ධීකරණය සඳහා ඩයලොග් ආයතනයද අනුග්‍රහය දක්වනවා.

වැඩපිළිවෙළ ආරම්භ කෙරුණේ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙනුයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button