ARTICLESBREAKING NEWSEXCLUSIVEPOLITICSSOCIAL MEDIA PICKS

අන්තර්ජාලයේ පචයක් – විභාග දෙපාර්තමේන්තුව ඇත්‍ත කියයි

ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය බාහිර ආයතනයකට ලබාදෙන බවට සමාජ මාධ්ය තුළ වාර්තා වෙමින් පවතින පුවත සම්පූර්ණයෙන්ම අසත්ය බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තම දෙපාර්තමේන්තුව විසින් පවත්වන විභාගවල ප්රතිඵල පරිගණක ගත කිරීම සිදුවන්නේ එහි අභ්යන්තර කාර්ය මණ්ඩලය විසින් බවයි.

එම කටයුතු සඳහා කිසිදු පෞද්ගලික ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් සම්බන්ධ කරගැනීමක් සිදු නොවන බව අදාල නිවේදනයේ සඳහන්. ඩිජිටල්කරණ ක්රියාවලිය යටතේ සිදුකරන වැඩසටහන්ද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදු කරන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button