BREAKING NEWSEXCLUSIVE

SpaceX හරහා ශ්‍රී ලංකාවට ලගදීම අන්තර්ජාල පහසුකම්

ලෝකප්‍රසිද්ධ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන එලොන් මස්ක්ගේ SpaceX රොකට් සමාගම සහ එහි චන්ද්‍රිකා අන්තර්ජාල අංශය වන Starlink ඔස්සේ මෙරටට අන්තර්ජාල පහසුකම් ලබාගැනීම සඳහා සාකච්ජා ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ශ්‍රී ලංකාව තුළ Starlink අන්තර්ජාල සේවා හඳුන්වාදීම පිළිබඳව ගවේෂණය කිරීම සඳහා SpaceX සමඟ මූලික වටයේ සාකච්ජා ආරම්භ කර ඇති බවයි.

ශ්‍රී ලංකාව සඳහා නුදුරු අනාගතයේ දී සේවාව ආරම්භ කිරීමේ නියාමන අංශ සහ පූර්ව අවශ්‍යතා පිළිබඳව පළමු සාකච්ඡා වටයේ අවධානය යොමු වූ බව එම නිවේදනයේ සඳහන්.

Starlink යනු SpaceX වෙතින් වන අධිවේගී චන්ද්‍රිකා අන්තර්ජාල ව්‍යාපෘතියක් වන අතර එය විශ්වාසදායක සහ දැරිය හැකි සේවාවක් සමඟ දුරස්ථ ප්‍රදේශවල සම්බන්ධතා ගැටළු පියවීම අරමුණ වී ඇත්තේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button