“හැරී පෝටර් මායා තොප්පිය රොබෝ තාක්ෂණයෙන්” ශ්‍රී ලංකාවේ අපේ සිසුන් ලොවම පරදවා රොබොටික් තරගාවලිය ජය ගනියි.!

ලොව ප්‍රකට මායා කතා මාලාවක් වන සුප්‍රකට ළමා චිත්‍රපට කථා මාලාවක් වන, හැරී පෝටර් කතා මාලාවේ මායා තොප්පිය ( Sorting Hat ) නිපදවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවේ සිසුන් පිරිසක් ජාත්‍යන්තර රොබෝටික් තරගාවලියක පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය රවීන්ද්‍ර ද සිල්වාගේ මග පෙන්වීම යටතේ ඒ.සී.ගම්මන්පිල , ඒ.පී.ජයසිංහ , ටී.එන්.වන්නිආරච්චි ,ඊ.එම්.වී.එන්.අමාජීව , ඩී.වයි.ජයසිංහ සහ පී.රවීන්ද්‍ර .එස්.ද.සිල්වා යන සිසුන් පිරිස මෙම නිර්මාණය සිදු කර තිබේ.
මෙම තොප්පියේ ක්‍රියාකාරිත්වය ගුවන් තොටුපළේ දී පැහැදිලි කළ සිසුන් .
“මෙම තොප්පිය සම්පූර්ණයෙන්ම පරිගණක ඇසුරෙන් ක්‍රියාත්මක වෙනවා. මෙම තොප්පිය පැළද සිටින පුද්ගලයෙකු අසළට , කවුරු හෝ පුද්ගලයෙකු පැමිණියහොත් , ඒ බව මෙම තොප්පිය පැළද සිටින පුද්ගලයාගේ මොළය වෙත පණිවිඩ මගින් දැනුම් දෙනවා .
ඊට අමතරව ”ඔටිසම්” රෝගය වැළදී ඇති දරුවන් නිරන්තරයෙන්ම සමාජශීලි නැහැ. ඔවුන් අනෙක් දරුවන් සමග කථා කිරීමට බයයි. අකමැතියි. මෙමගින් දරුවන්ට ”ඔටිසම්” රෝගී තත්වය වැළදී ඇත්ද, නැද්ද යන්න මුලින්ම අනාවරණය කර ගැනීමට මෙම තොප්පිය සමත් වෙනවා .
මෙම රෝගී තත්වයෙන් පෙළෙන දරුවන් මෙම තොප්පිය පැළදීමෙන්, ඔවුන්ගේ මොළයේ නියුරෝන වෙත යොමු කරන උත්තේජන මගින්, අනෙකුත් දරුවන් සමග සාමාන්‍ය පරිදි සතුටින් සිටීමට මෙහි ඇති පරිගණක ක්‍රියාකාරිත්වය උපකාර කරනවා.” යනුවෙන් ප්‍රකාශ කළා.
මෙම 11 වන ජාත්‍යන්තර රොබෝටික් තරගාවලිය ඉකුත් නොවැම්බර් මස 26 සිට 29 දා තෙක් ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවර ලොව පුරා පිළිගත් විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් පැමිණ සිටි සිසුන්ගේ සහභාගීත්වයෙන් පැවැති අතර ඔවුන්ගේ සියලු නිර්මාණ පරදවා මෙම ශ්‍රී ලාංකික සිසුන් මෙම ජයග්‍රහණය දිනා ගෙන තිබුණි.