INTERNATIONAL NEWSWEST

World Wide Web වලට වසර 31යි.

1989 මාර්තු 12, Sir Tim Berners-Lee World Wide Web හදුන්වා දී ඇත්තේ එනම්, 31 වසරකට පෙර අද වැණි දිනකය.මුලින් Sir Tim Berners-Lee මේක නම් කිරීමට සිතාගෙන සිට ඇත්තේ ‘Information Mesh’ යන නමිනි,පසුව තීරණය වෙනස් කර ඔහු World Wide Web (WWW) ලෙස නම් කර ඇත.

Sir Tim Berner-Lee එහෙම නැත්තන් TimBL අපිට වැදගත් වෙන්නේ එම නිසාම පමනක් නොවේ.

* HTTP – Hypertext Transfer Protocol හදුන්වාදීම
* HTML – Hyper Text Markup Language හදුන්වාදීම
* Web Browserය හදුන්වාදීම

60 දශකයේදී ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ආධාර ලැබූ ව්‍යාපෘතියක් වූ අපානෙට් (ARPA NET – Advanced Research Projects Agency Network) ජාලය පරිගණක අතර තොරතුරු සෙවීමේ අලුත් මං සොයමින් කටයුතු කළේය.එහිදී ඔවුන් අත්හදා බැලූ එක් ක්‍රමයක් වූයේ ඩේටා ග්‍රෑම් ක්‍රමයට හෙවත් පැකට් ස්විච්ං ක්‍රමයට තොරතුරු හුවමාරු කිරීමේ ක්‍රමවේදයයි. වර්තමානයේද අන්තර්ජාලයේ තොරතුරු හුවමාරු කෙරෙනුයේ මේ ඩේටා ග්‍රෑම් ක්‍රමයට අනුවය. එබැවින් ඩේටා ග්රෑම් ක්‍රමය අනුව මුලින්ම තොරතුරු හුවමාරු කල දිනය අන්තර්ජාලය තාක්ෂණයේ උපන් දිනය ලෙස සලකනු ලබයි. මෙසේ ලොස් ඇන්ජලීස් විශ්වවිද්‍යාලයේ සිට ස්ටැන්ෆර්ඩ් පරියේෂණ ආයතනය අතර මෙසේ ඩේටා ග්‍රෑම් ක්‍රමයෙන් තොරතුරු හුවමාරු කරනු ලැබූයේ 1969 වසරේ 29 වෙනිදායි. එනම් අන්තර්ජාලය උපන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් විශ්වවිද්‍යාලයේදී මීට වසර 51කට පෙරය.

අන්තර්ජාලය මෙසේ 1969 දී උපත ලැබූවත් එය ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්ත කරණු ලැබූයේ 1973 වසරේ සිටයි. INTERNET යන වචනය භාවිතයට පැමිණියේ 1974 වසරේදීය. මුල්ම කාලයේ අන්තර්ජාල තාක්ෂණයේ වර්ධනය සිදු වූයේ ඉතාමත් සෙමිනි.වර්තමානයේදී අන්තර්ජාලයේ තොරතුරු හුවමාරු කෙරෙනුයේ පොදු තාක්ෂණික සම්මුතියකට එනම් ප්‍රොටෝකෝලයකට අනුවය. TCP/IP – Transmission Control Protocol/Internet Protocol යන මෙම තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප්‍රමිතිය 1983 ජනවාරි 01 වැනිදා අපානෙට් ජාලයේදී පළමුවරට භාවිතා කෙරිණි. මෙම TCP/IP ප්‍රොටෝකෝලය නිර්මාණය කරනු ලැබූයේ අපානෙට් ජාලයේ මෘදුකාංග කටයුතු පිළිබද ප්‍රධානියා වූද වර්තමානයේ ගූගල් සමාගමේ සේවය කරන වින්ටන් සර්ෆ් විසිනි. මේ හේතුවෙන් ඔහු අන්තර්ජාල තොරතුරු සන්නිවේදනයේ පියා ලෙස හදුන්වනු ලැබේ. ඔහුද නොවන්නට මෙසේ අන්තර්ජාල ව්‍යාප්ත නොවන්නට ඉඩ තිබුණි.අන්තර්ජාලය බිහිවී වසර 20 කට පසුව එනම් 1989 වසරේ මාර්තු 12 ලෝක ව්‍යාප්ත ජාලය හෙවත් WWW (World Wide Web) බිහි වීම සිදු වුනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button