EASTINTERNATIONAL NEWS

මානව හිමිකම් ගැන මහා ඉහලින් කතා කරන, ඇමරිකා තානාපති පරිශ්‍රයේ ඉන්දීය දැරියක කෙලෙසයි

ඉන්දියාවේ දිල්ලි හි අමෙරිකානු තානාපති කාර්‍යාල පරිශ්‍රයේදී පස් හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ බවට චෝදනා මත ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාර්‍යාලයේ සේවය කරන ඉන්දීය ජාතිකයන්ට අයත් නිළ නිවාස කොටසේදී එම 25  හැවිරිදි චූදිතයා සිද්ධියෙන් දිනකට පසුව පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාල දැරිය දූෂණයට ලක් වී ඇතැයි වෛද්‍ය වාර්තා වලින් තහවුරු වූ බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් නිළධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණා.

ඉන්දීය නීතිය අනුව මරණ දඬුවම හිමි වන ළමා අපචාර යටතේ එයිෂ් සිංහල් නැමැත්තාට චෝදනා එළ්ල වී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button