INTERNATIONAL NEWSWEST

නත්තල වෙනුවෙන් බිරිඳට තෑග්ගක් ගන්න ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් නොහැකි වෙලා

සිය භාර්යාව වන මෙලනියා ට‍්‍රම්ප් සඳහා මෙවර නත්තල වෙනුවෙන් තෑග්ගක් මිලදී ගැනීමට තවමත් නොහැකි වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසනවා.

ජනාධිපති ට‍්‍රම්ප් මේ බව පැවසුවේ අමෙරිකාවට නත්තල උදාවීම සඳහා තවත් හෝරා කිහිපයක් පමණක් ඉතිරිව තිබියදීයි. විදෙස්ගතව සිටින හමුදා භට පිරිසක් සමග ජනාධිපති ට‍්‍රම්ප් ඊයේ වීඩියෝ සාකච්ඡුාවකට සහභාගී වී තිබුණා.

නත්තල වෙනුවෙන් භාර්යාවට පිරිනමන ත්‍යාගය කුමක්දැයි එහිදී සොල්දාදුවන් ජනාධිපතිවරයාගෙන් විමසා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

භාර්යාව වෙනුවෙන් නත්තල් කාඞ්පතක් මිලදී ගත්තද, තවමත් ඇයට තෑග්ගක් මිලදී ගැනීමට නොහැකි වූ බව ඊට පිළිතුරු දෙමින් ජනාධිපති ට‍්‍රම්ප් සිනහමුසු මුහුණෙන් ප‍්‍රකාශ කර තිබෙනවා.

නත්තල උදාවීමට තවත් හෝරා කිහිපයක් ඉතිරිව ඇති නිසා ත්‍යාගයක් මිලදී ගැනීමට තමන් තවමත් ප‍්‍රමාද නොමැති බවයි ජනාධිපති ට‍්‍රම්ප් වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button