විශිෂ්ඨ වැඩක්! චීනයේ සිටිනා ලාංකිකයන් මුදා ගැනීමේ ක්ෂණික මෙහෙයුම විදෙස් මාධ්‍යයේ පැසසුමට ලක්වෙයි

චීනයට බලපා තිබෙන කොරෝනා වෛරස් තත්ත්වය මැද එරට සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති කඩිනම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රසාදය පළකරයි.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබා දුන් උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන අතර, එලෙසට චීනයේ සිරවී සිටිනා සිය පුරවැසියන් ගෙන්වා ගැනීමට තීරණය කළ ප්‍රථම රාජ්‍යය ශ්‍රී ලංකාවයි.
චීනයේ වූහන් පලාතේ සිටින ශ්‍රී ලාංකික සිසුන් 30ක පමණ පිරිස ගෙන්වා ගැනීමට දැනටමත් සඳහා විශේෂ ගුවන් යානයක් සූදානම් කර ඇත. ඒ සඳහා සම්පූර්ණ වියදම රජය විසින් දරනු ලැබේ.
ශ්‍රී ලංකා රජයේ මෙම තීරණය ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි ලෙස ප්‍රශංසාවට ලක්ව තිබූ අතර ඔවුන් සඳහන් කර තිබුනේ සිය පුරවැසි අයිතීන් පිළිබඳව ශ්‍රී ලංකාව ලෝකයටම ලබා දුන් ආදර්ශය විශිෂ්ඨ බවය.
මේ වන විට බොහෝ රටවල් තමන් රටවැසියන් චීනයෙන් ආපසු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයකට මුහුණ දෙමින් සිටියදී ශ්‍රී ලංකා විසින් ගන්නා ලද මෙම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නොමද ප්‍රසාදය ජාත්‍යන්තර මාධ්‍ය විසින් පල කර ඇත.
මෙතෙක් මේ ආකාරයේ ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු එවන් රටවල් කිහිපයක් පමණි. එහිදීද ප්‍රථම රාජ්‍යය වූයේ ශ්‍රී ලංකාවයි.