BREAKING NEWSEXCLUSIVE

විපක්ෂයේ තනතුරක් වෙනුවෙන් කිරිඇල්ල, කබීර්, පාඨලී, හර්ෂ සටනක

20 වෙනිදා කැඳවනු ලබන නව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු අතර තරගයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, චම්පික රණවක සහ හර්ෂ ද සිල්වා යන මන්ත්‍රීවරුන් අතර මෙම තරඟය ඇතිවී තිබේ. මෙම ධුරය ලබා දෙන්නේ කාට දැයි මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙම ධුරය සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය ඇතුළත අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

සබැඳි පුවත් :

රනිල්ගේ ඥාතී පුත් රුවන් විජේවර්ධනට නායකත්වය ලබා දෙන යෝජනාවකින් එජාපය උණුසුම්

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button