BREAKING NEWSEXCLUSIVE

අන්තර් පළාත් බස් රථ ධාවනය කල්යයි

අන්තර් පළාත් බස් රථ ධාවනය ආරම්භ කිරීම තවදුරටත් කල් දැමීමට ප්‍රවාහන බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ, පළාත් සංචරණ සීමා ලබන 31 වනනදා දක්වා දීර්ඝ කිරීම හේතුවෙන්.

පළාත් සංචරණ සීමා පැවතුනද සීමිත බස් රථ සංඛ්‍යාවක් හෝ පළාත් අතර ධාවනය කිරීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මීට පෙර පැවසුවේ.

අත්‍යවශ්‍ය සේවාවල පුද්ගලයින් ප්‍රවාහනය කරන ඇතැම් බස් රථ මගින් විශාල මුදලක් ලබාගෙන පළාත් අතර පුද්ගලයින් රැගෙන යන බවට පැමිණිලි ලැබීම හේතුවෙන් ඒ සමබන්ධයෙන් අවධානය යොමුව තිබුණා.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන්ඒ සඳහා මෙතෙක් අවසර නොලැබීම හේතුවෙන් අන්තර් පළාත් බස් ධාවනය ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ.

මේ අතර ගුරුවරුන් සඳහා සේවයට වාර්තා කිරීමට පළාත් සංචරණ සීමා කිසිඳු බාධාවක් නොවන බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

ඒ අනුව තම පාසලේ සේවයට වාර්තා කිරීමට පළාත් සංචරණ සීමා බාධාවක් වන්නේ නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button