කොවිඩ් අරමුදලේ රු. බිලියන 1.8ක් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට ජනපතිගෙන් උපදෙස් !

කොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි.
කොවිඩ් පාලනයට පරිත්‍යාගශීලීන්ගෙන් මෙම මුදල ලැබී තිබිණ. මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වී ඇති බැවින් එම මුදල් සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යෙදවිය හැකි බව ජනාධිපතිතුමා පැවසීය.
රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ වර්ග 234ක් දේශීයව නිෂ්පාදනය කෙරේ. ලෝක වෙළෙඳපොළෙහි ඖෂධ මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන දේශීයව කෙරෙන ඖෂධ නිෂ්පාදන කටයුතු කඩිනමින් ඉහළ නැංවීමටත්, ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දීය ණය ආධාර යටතේ ලබා ගැනීමටත් ඇති හැකියාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළව කඩිනමින් අවධානයට ලක් විය යුතු කරුණු සම්බන්ධයෙන් අද පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.