“ඔයාගේ බර වැඩියි – ඔහොම ගියොත් ෆිට්නස් තවත් බහිවී” පුහුණුකරුවන්ගෙන් මාලිංගට අවවාද

ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි විස්ස නායක ලසිත් මාලිංගගේ බර අඩු කර ගන්නා ලෙස පුහුණුකරුවන් විසින් උපදෙස් දී ඇතැයි වාර්තා වනවා.
මේ අනුව ලසිත් මාලිංගට කි. ග්රෑ. 10 කට ආසන්න ප්‍රමාණයක් ඔහුගේ බර අඩු කර ගන්නා ලෙස පුහුණුකරුවන් විසින් උපදෙස් දී තිබේ.
යෝග්‍යතාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ඔහුට මෙම පණිවුඩය ප්‍රධාන පුහුණුකරුවන් විසින් ලබාදී ඇති බව වාර්තා වේ.
ලෝක කුසලාන තරගාවලියට මාස නවයක් තිබෙන බැවින් ඒ වෙනුවෙන් කණ්ඩායම සූදානම් කිරීමේදී ගත යුතු ක්‍රියාමාර්ග අනූව පුහුණු කාර්යමණ්ඩලය විසින් සියලූම ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.
එළඹෙන මස පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස තරගාවලියට මාලිංග ක්‍රීඩා කරනවාද නැද්ද යන්න තවම තේරීම් කමිටුව තීරණය කර නැති අතර ඔහුගේ නායකත්වය සම්බන්ධයෙන්ද ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිතය.
ලසිත් මාලිංගගේ වත්මන් දක්ෂතා සම්බන්ධයෙන් පුහුණුකරුවන් සහ තේරීම් කමිටුව මේ වන විට අසතුටින් පසු වන අතර ලබන ඔක්තෝම්බර් මස පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන වෙනුවෙන් කණ්ඩාමට ස්ථිර නායකයකු පත්කිරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානයක් යොමුව තිබෙන බවද වාර්තා වේ.
ඒ අනුව ඉදිරියේදී බොහෝ විට ලසිත් මාලිංගගේ විස්සයි විස්ස නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හෝ දසුන් ශානකට හිමිවීමට ඉඩ ඇතැයි වාර්තා වේ.