BREAKING NEWSEXCLUSIVE

“කර්මාන්තය – 2022” අද සිට BMICH හි දී

“සෞභාග්‍යයේ සහ තේජස” තුළින් ඵලදායී පුරවැසියෙකු, ප්‍රීතිමත් පවුලක්, විනයගරුක සමාජයක්, සමෘද්ධිමත් රටක් යන අරමුණු හතර සාක්ෂාත් කර ගැනීමේදී කර්මාන්ත අංශය අපේ රටේ සංවර්ධනයේ ප්‍රධාන අංගයකි.

ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධනය සඳහා වන වගකීම් හඳුනාගෙන ජාතිය ගොඩනැගීමේ කර්ත්‍යවට උරදෙන සියලුම කර්මාන්තකරුවන් සදහා පවත්වනු ලබන ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සහ සම්මාන උළෙල- 2022 අද (03) සිට ලබන 6 වනදා දක්වා දින 4ක කාලයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය විවෘත කිරීමට නියමිතයි.

කර්මාන්ත අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් මෙම ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සංවිධාන කර තිබෙනවා. මෙරට ප්‍රමුඛතම කර්මාන්ත ක්ෂේත්‍ර විස්සක් නියෝජනය කරමින් ප්‍රදර්ශන කුටි 300 ක් ඊට එක් කිරීමට කටයුතු කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button