EASTINTERNATIONAL NEWSUncategorized
“බජාජ්” නිර්මාතෘ මිය යයි..

ලොව ප්‍රසිද්ධ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සන්නාම නාමයක් වන බජාජ් ඔටෝ යන නාමය ලොවට හඳුන්වා දුන් රාහුල් බජාජ් මහතා ඉන්දියාවේ පූනේහි දී ඊයේ (12) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා..
මිය යන විට ඔහු 83 වන හැවිරිදි වියේ පසු වුණා.
රාහුල් බජාජ්ගේ අභාවය පිළිබඳ ව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති රාම්නාත් කෝවින්ද් ශෝක පණිවුඩ නිකුත් කර තිබෙනවා.
රාහුල් බජාජ් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී බජාජ් ඔටෝ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වූණේ සිය පුත්‍රයා වෙත එම වගකීම් භාර කරමින්..
ඉන්දීය කර්මාන්ත ක්ෂේත්රයේ පුරෝගාමී චරිතයක් වූ රාහුල් බජාජ්,මෝටර් රථ කර්මාන්තයේ පමණක් නොව රක්ෂණ, ආයෝජන,පාරිභෝගික මූල්‍ය, ගෘහ උපකරණ,විදුලි පහන්,සුළං බලශක්ති, වානේ සහ සංචාරක ක්ෂේත්රවල ව්‍යාපාර කටයුතු අරඹමින් ඒවා සිදුකරගෙන ගියා..