BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVEVIRAL NEWS

ලොව දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛාව ඉන්දියාවෙන් වාර්තා වෙයි.

චීනයේ කොරෝනා වසංගතය ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා ලෝකයේ ඕනෑම රටක දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා කරන්නට ඉන්දියාවේ එක් ප්‍රාන්තයක් සමත් වී තිබෙනවා.

ඉන්දියාවේ දුගීම ප්‍රාන්තයක් ලෙස හඳුන්වන බිහාර් ප්‍රාන්තය තුළ පමණක් අද (10) දිනයේ දී කොරෝනා මරණ හයදහසක් (6000ක්) වාර්තා වී තිබෙනවා.

එයට පෙර දිනක් තුළ වැඩිම මරණ වාර්තා වී තිබුණේ ඇමෙරිකාවෙන්. ඒ පසුගිය පෙබරවාරි මස 12 වැනිදා. එදින ඇමරිකාව පුරා මිය ගිය ගණන 5444ක් ලෙස සටහන් වුනා.

ඊයේ (09) ඉන්දියාවෙන් කොරෝනා මරණ 6138ක් වාර්තා වූ අතර එය බිහාර් ප්‍රාන්තයෙන් පමනක් ගත් කල 3951ක් ලෙස කිය වුනා.

කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වීමත් සමඟ ඉන්දියාව දැඩිව පීඩාවට ලක් වු අතර මේ දක්වා කොරෝනා ආසාදිතයන් මිලියන 29.3ක් ද, මරණ 359,676ක් ද වාර්තා වී තිබෙනවා.

ගෙවී ගිය පැය 24ක කාලය තුළ පමණක් ඉන්දියාව තුල රෝගීන් 94,052ක් වාර්තා වී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button