BREAKING NEWSEXCLUSIVE
නිදහස උළේලේ පෙරහුරු හේතුවෙන් අදත් කොළඹ පාරවල් කිහිපයක් වැසේ

හෙට දිනයේ පැවැත්වීමට නියමිත 72 වෙනි ජාතික නිදහස් දින සමරු උත්සවයේ පෙරහුරු කටයුතු හේතුවෙන් අද (03) දිනයේත් මාර්ග කිහිපයක් වසා දමන බව පොලීසිය පවසනවා.
ඒ අනුව නිදහස් මාවත, විද්‍යා මාවත, මෙට්ලන් ප්ලේස්, මෙට්ලන් ක්‍රසන්ට්, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මාවත, මාර්කස් ප්‍රනාන්දු මාවත, පදනම් පාර, විජේරාම පාර, හෝර්ටන් වටරවුම දක්වා මාර්ගය මෙලෙස වසා දමනු ඇති.
අද පෙරවරු 7.00 සිට දවල් 12.00 දක්වා මෙලෙස මාර්ග වසා දැමීමට නියමිත බව පොලීසිය කියා සිටියා. ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටිනවා.