BREAKING NEWS
කොරෝනා වේගයෙන් වැඩිවන දකුණු කොරියාවේ සිට මෙරටට ලාංකිකයන් පැමිණීම වේගයෙන් ඉහල යයි

කොරෝනා වෛරසය වේගයෙන් පැතිරෙමින් පවතින දකුණු කොරියාවේ සිට ගුවන් මගීන් ශ්‍රීලංකාව වෙත පැමිණීම ඉහළ ගොස් ඇත.
දකුණු කොරියාවේ සිට එසේ පැමිණෙන මගීන් කටුනායක ගුවන්තොටුපොළේ දී පරික්ෂාවට ලක් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.
අද දින මෙරටට දකුණු කොරියාවේ සිට පැමිණි ගුවන් යානයේ මගීන් 182 සිට ඇති අතර ඉන් දෙදෙනකු උණ රෝගී තත්ත්වයක් තිබුණ හෙයින් මීගමුව රෝහලට ඇතුළු කැර තිබේ.