BREAKING NEWSEXCLUSIVE

දින 10න්,ඇඳන් 10,000ක්… තාරුණ්‍යයේ මෙහෙවර ඇරඹෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලිකත්වයෙන් සිදු කෙරෙන දින 10න් ඇදන් 10,000ක් ජාතික කර්තව්‍යය මේ වනවිට ක්‍රියාත්මකයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි තරුණ සංවිධානය, කාන්තා සංවිධානය, ඉංජිනේරු සංවිධානය ඇතුලු අනුබද්ධ ආයතන එකට එක්ව රටේ සෞඛ්‍ය සේවයට ලබාදෙන ත්‍යාගයක් ලෙසයි මෙය ක්‍රියාත්මක වන්නේ.

වෛද්‍ය මධ්‍යස්ථාන තුල ප්‍රතිකාර ලබන සියලූම දෙනා වෙනුවෙන් ඇතිවන ඇදන් වල අවශ්‍යතාවය සපුරාලීම ප්‍රධානකොට අදාල මධ්‍යස්ථාන වලට අවශ්‍ය වැසිකිලි පහසුකම් ජල සැපයුම් ආදි සියලු පහසුකම් සැපයීම මෙහි මූලික අරමුණයි.

මේ වනවිට ජාතික තරුණ සේවා සභාව, යෞවන සමාජ සම්මේලනය මෙන්ම බොහෝමයක් තරුණ සංවිධානත් මේ සමග අත්වැල් බැදගෙන සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button