INTERNATIONAL NEWSWEST
ඩොනල්ඩ් ට්රම්ප්ට එරෙහිව දෝෂාභියෝගය සම්මත වේ

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප්ට එරෙහිව එරට කොංග්රස් මණ්ඩලය විසින් දෝෂාභියෝගයක් සම්මත කර ඇත. දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 230ක් හා විපක්ෂව ඡන්ද 197 ක් ලැබී තිබේ.
මෙම යෝජනාව කොංග්රස් මණ්ඩලයේදී සම්මත වූවද සෙනට් සභාවේ දී ද සම්මත විය යුතුය. ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමට නම් සෙනෙට් සභාව තුළ දෝෂාභියෝගය සම්මත විය යුත්තේ තුනෙන් දෙකක බහුතර බලයකිනි.
කෙසේ වෙතත් සෙනෙට් සභාවේ බහුතර බලය ඩොනල්ඩ් ට්රම්ප් ජනපතිවරයා සමග බව කියවේ.
ඩොනල්ඩ් ට්රම්ප් සැලකෙන්නේ ඇමෙරිකාවේ සාම්ප්රදායික දේශපාලනය විරුද්ධ දේශපාලනයක නිරත වන පුද්ගලයෙකු ලෙසය. ජනපති ඩොනල්ඩ් ට්රම්ප් ලබා ගත් තීරණ එරට කොංග්රස් මණ්ඩලයේ සාම්ප්රදායික දේශපාලකයන්ගේ විරෝධයට ලක් වීම මෙයට ප්රබල හේතුවක් බවද විචාරකයන් පවසයි.