BREAKING NEWSEXCLUSIVEPOLITICS
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවතත් ඉහළට – 2020 ආර්ථික වර්ධනය 3.7% වේවි – IMF පවසයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.
2020 ලංකාවේ ආර්ථික වර්ධනය 3.7% ක සීමාවේ පවතිනු ඇතැයිද ඔවුන් පුරෝකතනය කරයි.
එහි නියෝජිතයන් ශ්‍රී ලංකාවේ නිරීක්ෂණ සංචාරයෙන් පසු නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
පසුගිය වසරේ මෙරට ආර්ථික වර්ධනය 2.6% ලෙස ඔවුන් ඇස්තමේන්තු කර ඇති අතර මේ වසරේදී එය 3.7% දක්වා ඉහළ යනු ඇති බව ද සඳහන් කර ඇත.
නමුත් චීනය තුල ඇති වී තිබෙන කොරෝනා වෛරස් තත්ත්වය ආර්ථික වර්ධනයට බාධාවක් විය හැකි යැයි ද තවදුරටත් එම වාර්තාවේ දැක්වෙයි.