BREAKING NEWSEXCLUSIVEPOLITICS

ගෝලිය වසංගත තත්වයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල හානියක් වුණා – IMF වාර්තාව එළියට

ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපලේ පහලම ශ්‍රේණිගත කිරීම් දරණ ආර්ථිකය ගොඩ ගැනීමට ගැන උපදෙස් පහක් මුල්‍ය අරමුදල ලබාදී තිබෙනවා.

එම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ, ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල වශයෙන් හානි සිදු වී ඇති බවයි.

කොවිඩ් ආර්ථිකය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එය දැඩි ලෙස බලපෑ අතර, සංචාරක ලැබීම් අහිමි වීම සහ රට අගුලු දැමීම හේතුවෙන් එය වඩාත් විස්තීර්ණ මට්ටමකට පැමිණි බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙනවා.

කොවිඩ් බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2020 සහ 2021 වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10ට වඩා විශාල මූල්‍ය හිඟයකට ඇඳවැටී ඇති අතර, 2021 දී රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 119ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද එම වාර්තාවේ සඳහන්.

ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළට ශ්‍රී ලංකාවට ඇති ප්‍රවේශය අහිමි වූ අතර, 2020 දී, ජාත්‍යන්තර සංචිත තීරණාත්මක ලෙස බරපතළ මට්ටමකට පහත වැටීමට සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් රජයට මහා පරිමාණ සෘජු ණය ලබා දීමට පෙළඹුණු බවයි වාර්තාව හෙළි කරන්නේ.

1. 2019 දී ලබාදුන් බදු සහන (වැට්, ආදායම් බදු, සමාගම් බදු සහන) වෙනස් කිරීම (2019 ට පෙර තිබු බදු ක්‍රමයට නැවත යාම)
2. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම/විකුණා දැමීම
3. ණය ප්‍රතිව්‍යුහගත කරණය උපක්‍රම වෙත යොමුවීම
4. උද්ධමනය පාලනය කිරීමට පියවර ගැනීම (හිතුමනාපයට මුදල් අච්චු ගැසීම නවතා දැමීම, මුදල් මණ්ඩලය හරහා මහ බැංකු අධිපති හා භාණ්ඩාගාර ලේකම්ට මුදල් අච්චු ගැසීමට ඇති හැකියාව නැති කිරීම)
5. වෙළඳපොල නිර්ණායක අනුව පොලී අනුපාතය තීරණය කිරීම
6. සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් වාර්තා මගින් රටක් අපහසුතාවයට පත් වන ආකාරයේ කරුණු ඉදිරිපත් කරන්නේ නැත. ආර්ථික විද්‍යා මුලධර්ම අනුව රටක ආර්ථික දත්ත විශ්ලේෂණය සඳහා මාවත පමණක් පෙන්වා දෙනු ලබයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button