BREAKING NEWSEXCLUSIVE

විදේශ සංචිත ශක්තිමත් කිරීමට IMF සහ චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 1080ක්.

විශාල වශයෙන් පහත වැටී ඇති මෙරට විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ චීන සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 1,080 ක මුදලක් පිරිනමා තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මුදල් බවට හුවමාරු කරගත හැකි එස්.ඩී.ආර්. හෙවත් විශේෂ ආදාන හිමිකම්, ඇමරිකානු මිලියන 780 ක මුදලක් මෙලෙස ලබාදී ඇති අතර, චීන සංවර්ධන බැංකුව ලබාදී ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 300ක්.

මේ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කළේ අදාළ විනිමය ලැබීම හරහා මෙරට විදේශ විනිමය වෙළඳපොලේ ද්‍රවශීලතාව හා ස්ථාවරභාවය ඉහළ යනු ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button