Uncategorized

IMF නියෝජිතයෙක් අද දිවයිනට….

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෙක් දෙදින සංචාරයක් සඳහා අද මෙරට ට පැමිණීමට නියමිතය..

අදාළ නිලධාරීයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තක්සේරුව පිළිබඳ ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

එහිදී ණය ප්‍රතිව්‍යූහගත කිරීම සහ කළමනාකරණය පිළිබඳ ඉහළ පෙළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමග මුදල් අමාත්‍යවරයා සාකච්ඡා කිරීමට ද නියමිතයි.

කෙසේ වෙතත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පසුගියදා ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර මුදල් අරමුදල වෙත යන්නේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නොවන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button