BREAKING NEWSPOLITICS
මට හොඳ හැදියාවක් තියෙනවා, රන්ජන්ගේ දෙවන හඬපටයේ ඉන්නේ මන් නෙවේ – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

තමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අතර සිදුවූ බව කියමින් සමාජ ජාලවලට මුදාහැර ඇති දෙවන හඬපටය සංස්කරණය කරන ලද්දක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
ආණ්ඩුව විසින් අද වන විට හඬපට භාවිතා කරන්නේ රටේ ප්‍රධාන ප්‍රශ්න අමතක කිරීමට බවද ඇය සඳහන් කරයි.
තම නිල ෆේස්බුක් පිටුව ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඇය මේ බව කියා සිටියාය.
කෙසේ වෙතත් මෙය අසත්‍ය එකක් යයි චෝදනා කලද ඒ සම්බන්දයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඇය අදාල කිසිදු අංශයකට මේ වන තෙක් පැමිණිලි කර නැත.
හඬපටයේ සත්‍ය අසත්‍යතාවය පරීක්ෂා කිරීම අද දියුණු තාක්ෂණට සුළු කාර්යයකි.
https://www.facebook.com/hirunikapremachandralk/videos/561473284583486/