BREAKING NEWSEXCLUSIVEPOLITICS

කුඩු-ගංජා වලට ඇබ්බහි වූ බස්නාහිර සේවයේ නියුතු පොලිසියේ 37කගේ නම් එළියට..

බස්නාහිර පළාත තුළ රාජකාරී කරන, මත්ද්‍රව්‍ය භාවිතාව සදහා ඇබ්බැහි වූ පොලිස් නිළධාරීන් තිස් හත් දෙනෙකු පිළිබදව පොලිස්පතිවරයාට තොරතුරු ලැබී ඇති බවත්, ඒ සම්බන්ධ නාමලේඛනයක් පොලිස්පතිවරයා විසින් සකසා ඇති බව වාර්තා වේ.

මෙම පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පතිවරයා විසින් භාර දී ඇති බවද පැවසෙනවා.

චෝදනා එල්ල වී තිබෙන පොලිස් නිලධාරීන්ගෙන් බහුතරය ගංජා සදහා ඇබ්බැහි වූ වන් බවත්, තවත් පිරිසක් අයිස් භාවිතා කරන්නට ඇබ්බැහි වී ඇති බවත්, හෙරොයින් සදහා ඇබ්බැහි වූ පොලිස් නිළධාරීන් දෙදෙනෙකු සිටින බවත් සදහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button