BREAKING NEWSEXCLUSIVEPOLITICS

නෑදෑකම්වලට, හිතවත්කම්වලට මහ ඡන්දෙදි නාමයෝජනා නෑ, පාර්ලිමේන්තු යන්න ඕන නම් වැඩ කරන්න, නැත්නම් ගෙදර ඉන්න – ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්

පවතින දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන් ජනතාව අතර යහපත් ප්‍රතිචාරයක් නොමැති බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මෙරට පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ගත හැකි මෙන්ම ගතයුතු සියලු තීන්දු තීරණ ගැනීමට තමන් නොපැකිළෙන බවද ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කොට තිබේ.

මෙම තත්ත්වය මත දේශපාලන විශ්ලේකයින් පෙන්වා දෙන්නේ ඉදිරි මහ මැතිවරණයේ දී බොහෝ පිරිසකට මැතිවරණයට තරග කිරීමේ නාමයෝජනා අහිමිව යාමේ අවධානමක් පවතින බවයි.

අභ්‍යන්තර ආරංමාර්ග පෙන්වා දෙන්නේ චෝදනා ලැබූ දූෂිතයින් කිසිවකුට නාමයෝජනා ලබා නොදීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවයි.

ඇතැම් දූෂිතයින් විකල්ප මාර්ග ඔස්සේ මැතිවරණයට ඉදිරිපත් වීමේ උත්සාහයක් ඇති හෙයින් එය පරාජය කිරීමේ වගකීම ජනතාව වෙතද පැවරෙන බව ජනාධිපතිවරයා විසින් පෙන්වා දී තිබේ.

හැමවිටම තමන් තීන්දු තීරණ ගන්නේ ජනතාවගේ පැත්තේ සිට වන බැවින් පෞද්ගලික හිතවත්කම් රාජ්‍ය පාලනයේදී අදාළ නොවන බව තමන් විශ්වාස කරන බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

ජනතාව විසින් තමාට ලබාදුන් පාලන කාල සීමාව තුළ රටේ සෑම අංශයකම සංවර්ධනයක් ඇති කිරීම සිය එකම අරමුණ බවත්, ඒ වෙනුවෙන් ගතයුතු ඕනෑම තීරණයක් ගැනීමට තමන් නොපසුබට වන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button