BREAKING NEWSEXCLUSIVE

අමාත්‍යංශ වැඩ සදහා සහයක් නැත්නම් ලේකම්වරු හා ප්‍රධානීන් වහාම ඉවත් කරන්න..- ජනපති කියයි

අමාත්‍යාංශ වල සංවර්ධන කාර්යාලවලට උනන්දුවක් නොදක්වන හා සහායක් නොදක්වන අමාත්‍යාංශ ලේකම්වරුන්,අතිරේක ලේකම්වරුන්,ආයතන ප්‍රධානීන් හා අධ්‍යක්ෂ ජනරාල්වරුන් වහාම ඉවත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම්දී ඇතැයි සති අග ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

ආයතනය ප්‍රධානීන් වැඩි පිරිසක් සංචරණ සීමා හේතුව පෙන්වමින් නිවසේම රැඳී සිටින බවත් කිසිදු රාජකාරි කටයුත්තක් නොකරන නමුත් සියලු දීමනා නොඅඩුව ලබා ගන්නා බවටත් ඇමතිවරුන් ගණනාවක් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් සලකා බැලීමෙන් අනතුරුවයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ.

අදාල පත්වීම් ලබා දුන්නේ තමන් විසින් වුවද රටේ හා අමාත්‍යාංශයේ දියුනුවට සංවර්ධනයට ක්‍රියා නොකරන සියලුම නිලධාරීන්ගේ තොරතුරු තමන්ට ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයිද වාර්තාවේ සඳහන්.

එම සියලු නිලධාරීන් කොතරම් සමීප හිතවතුන් වුවද ඔවුන් ඉවත් කර ඒ සඳහා වෙනත් සුදුසු අය කරනු ලබන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button