BREAKING NEWSEXCLUSIVE

කොරෝනා බවට සැක රෝගීන් නිසා අයි.ඩී.එච් සුලු සේවකයන් නිවාඩු දමයි – රෝහලම අඩාලයි

කොරෝනා ආසාධිත රෝගීන් බවට සැකකරන රෝගීන් අයි.ඩී.එච් රෝහලට ඇතුළත් වීම නිසා එම රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සුළු සේවකයන් ඊයේ (29) අසනීප නිවාඩු වාර්තා කර රෝහලට නොපැමිණීමෙන් ප‍්‍රතිකාර කටයුතුවලට බාධා එල්ලවී තිබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

රෝහලේ වෛද්‍යවරුන් 15 දෙනකු ඊයේ ප‍්‍රතිකාර ලබා දීම සඳහා පැමිණ ඇතත් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ එක් අයෙකු හැරෙන්නට අනිත් පිරිස අසනීප නිවාඩු වාර්තා කිරීම නිසා රෝහල තුළ රෝගීන් රැගෙන යෑමේ ගැටලූ මතු වී තිබූ බවත් එම සංගමය පවසනවා.

රෝහල තුළ ප‍්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් 15 දෙනකු සිටියත් කොරෝනා වෛරසයට ප‍්‍රතිකාර කිරීමට හැකි උපාංග සපයා ඇත්තේ එක් වෛද්‍යවරයකුට බවත්, අනිත් වෛද්‍යවරුන්ට අවදානමක් ගෙන රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට සිදුවීම ගැටලූවක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍යයට ප්‍රකාශ කරනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා දැනුවත් කිරීමට කටයුතු කළ බවත් අත්‍යවශ්‍ය ආරක්‍ෂිත උපාංග කඩිනමින් සැපයීමට ගැටලූ මතුවුවහොත් රෝහලේ පරිපාලනය කඩාවැටීමට ඉඩ ඇති බවට අධ්‍යක්‍ෂවරයා දැනුවත් කිරීමට පියවර ගත් බවත් එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button