වැටිලා හිටපු ජාතියක් කොරෝනා ඉස්සරහා නැගිටී! – දැඩි සත්කාර ඒකක ඇදන් දේශීයව, වාණිජ වශයෙන් සෑදීම ඇරබෙයි

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් පරිදි Rex Industries සමාගම විසින් දේශීයව නිපදවූ දැඩි සත්කාර ඇඳන් සාම්පලයට වෛද්‍ය විද්‍යානුකූල බවට අනුමැතිය ලැබීමෙන් පසු එම ඇඳන් වාණිජ්‍යමය වශයෙන් නිපදවීම 03 වනදා සිට සිට ඇරැඹිණි.
මීගමුව, කට්ටුව, හලාවත පාර, අංක 451/2 යන ස්ථානයේ පිහිටි රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් (Rex Industries) නිෂ්පාදනාගාරයේදී මෙම කටයුතු සිදු කෙරිනි. කොරෝනා වසංගතයට රටක් ලෙස මුහුණදීමේදී මෙරට සෞඛ්‍ය පද්ධතිය මුහුණ දෙන බරපතලම ගැටළුවක් වන ‘දැඩි සත්කාර ඇඳන් හිඟවීම’ට කඩිනම් පිළියමක් ලෙස මෙවැනි ව්‍යාපෘතියක් ඇරැඹු බව මෙහිදී කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කළේය.ඒ අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත දැඩි සත්කාර ඇදන් ඉදිරියේදී රෝහල් සදහා මෙන්ම වානිජ වශයෙන්ද අපනයනය කිරීමට සැලසුම් යොදා ඇත.එම අවස්ථාව ඇමතූ විමල් වීරවංශ මහතා වැඩි දුරටත් පවසා සිටියේ පිටරටින් එන නැව් දෙස බලා සිටි යුගය වෙනුවට මෙරට පොළොවෙන් – ජනතා දෑතින් වැඩ ගන්නා යුගයක් “කොරෝනා” අභියෝගය ජය ගැනීමෙන් පසුව නිර්මාණය කිරීමට මුළුමහත් ජාතියම දැන් සිටම මානසිකව සූදානම් විය යුතුයි.යනුවෙනි.