BREAKING NEWSPOLITICS

හරක් මැරීම නැවැත්වීමට මම නැවත දේශපාලනයට එනවා – මර්වින් සිල්වා

ඉදිරි මහ මැතිවරණය සඳහා තමන් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරඟ වැදීමට බලාපොරොත්තු වන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

අද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සුව දුක් බැලීම සඳහා නාරාහේන්පිට පෞද්ගලික රෝහලට ගොස් පැමිණෙන අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

කෙසේ වෙතත් තමා මහ මැතිවරණයට තරඟ කරන ලකුණ ඉදිරියේ දී ප්‍රකාශ කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

“ලංකාවේ කොහෙන් ඉල්ලුවත් මම දිනනවා. මම සිංහල බෞද්ධයෙක්.

සිංහලකමයි බෞද්ධකමයි සුරකිමින් බුදුන්ගේ දේශනාව අනුව අනෙක් ජාතීන්ට කරදරයක් නොවෙන විදිහට වැඩ කටයුතු කිරීමත් ධර්මපාල තුමා කිව්වා වගේ හරක් මැරීම හා හරක් විකිණීම නැවැත්වීම මගේ ප්‍රධාන කාර්යය.”

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය පාලනය හොඳින් කරගෙන යන්නේ නම් ගැටලුවක් නැති බවත් කෙසේ වෙතත් ජනතාව පීඩනයට පත්වේ නම් තමන් සිටින්නේ ජනතාවගේ පැත්තේ බවත් ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් දේශපාලනික වශයෙන් රාජපක්ෂවරුන් සමඟ නැවත එක්වීමට අදහස් නැති බවත් ඒ මහතා කියා සිටියේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button