BREAKING NEWSEXCLUSIVEPOLITICS

මම අයින් වෙන්නේ නෑ, මම කාත් එක්කවත් ගිවිසුම් ගැහුවේ නෑ – රතන හිමි

අපේ ජනබල පක්ෂයේ පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසින් තමන්වහන්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ කිසිම සූදානමක්
නැතැයි  මාධ්‍යට පවසා ඇත.

මෙම මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් ගැටලු රාශියක් මතුවූ අතර රතන හිමියන් මාස 03ක් සදහා පාර්ලිමේන්තු වැඩි අතර ගලබොඩඅත්තේ හිමියන්ගෙ ඉල්ලීමෙන් මාස හයක් දක්වා එය දීර්ඝ කෙරිනි. මෙම ජූලි 05 වනදාට මාස හය සම්පූර්ණ වන අතර ඉන් පසුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පාර්ලිමේන්තුව වැඩීමට නියමිතව තිබිනි.

ඒ පිළිබඳ රතන හිමියෝ වැඩිදුරටත් මෙසේද කීය.

‘‘මා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන බවට පළවන පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක්. එසේ මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන බවට කිසිම එකඟතාවක් කිසිවකු සමග ඇති කරගෙනත් නැහැ.සම්පූර්ණ කාලසීමාවේ මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සේ කටයුතු කරනවා. යනුවෙනි.

කෙසේවෙතත්, කලින් පොරොන්දු වූ පරිදි අතුරලියේ රතන හිමියන් ලබන ජුලි 05 වැනි දින වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්, ඇති කරගත් එකගතා අනුව උන්වහන්සේ කටයුතු කළ යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමි සංවාදයකදී පවසා තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button