BREAKING NEWSEXCLUSIVE
කොරෝනා භීතිකාවෙන් හිස් වූ අයි.ඩී.එච් නගරය ක්‍රමයෙන් යථා තත්ත්වයට

කොරෝනා භීතිකාව හේතුවෙන් පසුගිය දින කිහිපය තිස්සේ ජනශූන්‍ය වී තිබූ අයි.ඩී.එච්. නගරය මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් තිබේ.
කොරෝනා වෛරසය ආසාධිතයන් යැයි සැක කළ රෝගීන් අයිඩීඑච් බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කළ මුල් දින කිහිපයේදී ප්‍රදේශවාසීන් මහත් තැති ගැන්මකට පත්ව සිටි අතර, නගරයේ වෙළෙඳසල් වෙත පැමිණෙන පාරිභෝගිකයන්ද විශාල ලෙස අඩු වුණා.
අයිඩීඑච් රෝහලේ නේවාසික රෝගීන් බොහෝ දෙනෙක් නිවෙස් වෙත ගොස් තිබූ අතර ඇතැම්හු මුල්ලේරියාව දිසා රෝහලට මාරු වී ගොස් සිටියා. අයිඩීඑච්. රෝහලට දිනපතා පැමිණෙන රෝගීන්ද විශාල වශයෙන් අඩු වුණා.
නමුත් වෛරසය ආසාධිත රෝගීන් හමු නොවීම නිසා ජනතාවගේ බිය මේ වන විට පහව ගොස් තිබෙන බව වාර්තා වෙනවා.