BREAKING NEWSEXCLUSIVEPOLITICS

තනියෙන් ගණන් වැඩි කරන්න මට පිස්සු නැහැ – සියල්ල රටට හෙළි කරනවා..

තනියම තෙල් මිල ගනන් වැඩි කිරීමට තරම් තමන්ට පිස්සුවක් නැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කර සිටිනවා.

තෙල් මිල ගනන් ඉහළ දැමීම නිසි ක්‍රමවේදයට අනුව ඇමැති අනුකමිටුවේද අනුමැතිය ඇතිව සිදු කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙනු ලබන්නේ.

මිල වැඩි කිරීමේ තීරණය මෙන්ම එම තීරණය ක්‍රියාත්මක කලයුතු දිනය තමන්ට ලබා දුන්නේ මුදල් අමාත්‍යංශයෙන් බවද අමාත්‍යවරයා හෙළිදරව් කරනවා.

තෙල් මිල ගණන් ඉහළ දැමීමේ තීරණය මහා භාණ්ඩාගාරය විසින් අනුමත කොට තිබෙන බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා එහි විෂය භාර අමාත්‍යවරයා වන්නේ මුදල් අමාත්‍යවරයා බවද පෙන්වා දෙනවා.

මේ සියලු දේවල් පිළිබඳ තොරතුරු අද (13) සවස මාධ්‍ය හමුවක් තබමින් රටට හෙළිදරව් කිරීමට තමන් තීරණය කොට ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

උදය ගම්මන්පිල අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල ගණන් ඉහළ දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මීට ටික මොහොතකට පෙර නිකුත් කොට තිබෙන නිවේදනය සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

මේ අවස්ථාවේ තෙල් මිල ගණන් ඉහළ දැමීම ආණ්ඩුව අසීරුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් ද යන්න පිළිබඳ සැකයක් තිබෙන බවත් ජනතාව අසීරුතාවයට පත්ව සිටින මේ මොහොතේ තෙල් මිල වැඩි කිරීමේ වගකීම විෂය භාර අමාත්‍යවරයා වන උදය ගම්මන්පිල මහතා විසින් භාර ගෙන ඔහු බලශක්ති අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව කාරියවසම් මහතා විසින් නිකුත් කළ නිවේදනයේ ඇතුලත්ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button