BREAKING NEWSEXCLUSIVE

“මම රාජපක්ෂලාට හැමදාම විරුද්ධයි. මම ජනතාවගේ මිතුරෙක්” – ජනපති රනිල්

තමා ජනතාවගේ හොදම මිතුරෙකු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා..

ඒ ඊයේ සවස, කොළඹ ගංගාරාම විහාරයට පැමිණි අවස්ථාවේදී විදෙස් මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්..

ප්‍රශ්නය – ජනාධිපතිතුමනි, ජනතාව කියනවා වෙනසක් ඕනේ කියලා. ඔබතුමා රාජපක්ෂලාගේ මිතුරෙක් නේද ? එතකොට කොහොම ද වෙනසක් වෙන්නේ ?

රාජපක්ෂලා කොහොම ද මගේ මිතුරන් වෙන්නේ, මම හැමදාම හිටියේ ඔවුන්ට විරුද්ධව. ඔයා අද ඇවිල්ලා කියනවා මගේ මිතුරන් කියලා. මම විශේෂයෙන් දෙයක් කියන්නම්. මාධ්‍යවේදියෙක් වුණාම ගැඹුරින් අධ්‍යයනය කරලා එන්න. මේ වගේ ප්‍රශ්න අහන්න එපා.”

ප්‍රශ්නය – ඔබතුමා රාජපක්ෂලාගේ මිතුරෙක් නෙමෙයි ද?

“මම රාජපක්ෂලාගේ මිතුරෙක් නෙමෙයි. මම ජනතාවගේ මිතුරෙක්.”

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button