BREAKING NEWSEXCLUSIVEOTHERSPORTS

ලංකාවේ ප්‍රථම හා විශාලම Hyper Casual – eSports Championship තරගාවලිය අදින් ඇරඹෙයි!

තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශය, IMI Games සහ SLT මොබිටෙල් එක්ව පවත්වන ලංකාවේ ප්‍රථම හා විශාලතම Hyper Casual – eSports තරගාවලිය අද (15) සවස 5.00ට ආරම්භ වීමට නියමිතයි.

ජාතික මට්ටමෙන් පැවැත්වෙන මෙම තරගාවලිය අද සිට දින 02 ක් පුරා පැවැත්වෙන අතර එය තරග 06කින් සමන්විතය.

ශ්‍රී ලාංකේය සයිබර් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා ඔප්නැංවීම සහ සයිබර් ක්‍රීඩා නිර්මාණය කිරීමට අවශ්‍ය තාක්ෂණික පසුබිම හා දායකත්වය ලබා දීම මෙම තරගාවලියේ ප්‍රධාන අරමුණයි.

Hyper Casual ක්‍රීඩාව මෙරටට හදුන්වාදුන් IMI Games මෙම තරගාවලියේ සියලු තාක්ෂණික සහ සංවිධාන කටයුතු සිදු කරනු ඇත.

වෙබ් අඩවි පාදක කරගත් පරිශීලක මිතුරු අවකාශයක් ඔස්සේ නවතම ඩිජිටල් ක්‍රීඩා හදුන්වාදීම තරුණ හා ‍ක්‍රීඩා කටයුතු ආමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙ ප්‍රධානත්වයෙන් පසුගිය ජනවාරි මස සිදු වූ අතර මෙවැනි තරගාවලියක් සංවිධාානය කිරීමේ වැදගත්කම එතුමා එහිදී පෙන්වා දී තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button