BREAKING NEWSEXCLUSIVEPOLITICS

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර දමන ලෙස මානව හිමිකම් කොමිසමෙන් රජයට බලපෑම්..!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම අහෝසි කර දැමිය යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම රජයට දැනුම් දී තිබෙනවා.

මෙම පනත අහෝසි කර දමා, ත්‍රස්තවාදය යන්නට නව අර්ථකථනයක් ඇතුළත් කර ඊට අදාල චෝදනා දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කිරීම ප්‍රමාණවත් වනු ඇති බවයි එම කොමිසම රජයට දන්වා තිබෙන්නේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයෙකු රඳවා තබාගත හැකි කාලසීමාව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුළුමනින්ම පටහැනි බව පෙන්වා දෙන මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් පවසන්නේ සිදුවෙමින් පවතින විමර්ණයක් මත පදනම්ව කිසිදු පුද්ගලයෙකුට දඬුවම් කළ නොහැකි බවටයි.

මෙම තත්වය මත පනත අහෝසි කර ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන දැනට ක්‍රියාත්මක වෙනත් නීති පනත් හරහා ක්‍රියාත්මක කිරීම සුදුසු බවයි මානව හිමිකම් කොමිසමේ නිර්දේශය වන්නේ. ඒ සඳහා දණ්ඩ නීති සංග්‍රහය, අපරාධ නඩු විධිවිධාන පනත, අධිකරණ පනත හා ඇප පනත සඳහා සංශෝධන සිදු කිරීම ප්‍රමාණවත් බවද කොමිසම සඳහන් කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button