SMART UPDATEVIRAL NEWS

වේදනාව මැදින් ජීවිතය ජය ගන්නා හැටි.!

මම පුංචි කාලේදී මටත්, මගේ අම්මාටත් එක රැයින් සියලු දේ අහිමි වුනා. පියාගේ හදිසි වෙනස් වීම දරා ගන්න අතරේ අපි දෙදෙනා මුළු රැයම නොනිදා අනාගතය ගැන සාකච්චා කළා. රැය එලි වෙනකොට අපි අපේ අනාගතය වෙනුවෙන් වැඩ පිළිවෙලක් සකස් කරගෙන අවසන්.

මගේ අම්මට හොඳට මහන්න පුලුවන්. අතේ තිබුණු මුදල් වලින් කුලියට පුංචි කාමරයක් ගන්න, මගේ පාසල මාරු කරන්න සහ කුලියට ඇඳුම් මසන්න අපි තීරණය කළා. නමුත් අපිට ඒ දේ ඉෂ්ඨ කර ගන්න පුළුවන් වුනේ නැහැ.

අපේ තීරණ වෙනස් කරන්න මගේ පුංචි අම්මා, එහෙම නැත්තම් අම්මගේ නංගි ලොකු කාර්ය භාරයක් ඉටු කළා.

“පිට තැන් වල ඉඳන් දුක් විඳින්න ඕනෙද අක්කේ? අපේ ගෙදර නවතින්න. මගේ පොඩි එවුන් දෙන්නටත් හොඳයිනේ ඔයාලා අපේ ගෙදර ඉන්න එක. මොකට කුලියට ඇඳුම් මහ මහ දුක් විඳිනවද අක්කේ? ඔය දෙන්නට බත් කටක් දෙන එක මහ ලොකු දෙයක්ද අපිට?”
“ඒත් නංගි, මගේ කෙල්ලගේ වියදම්?”
“අනේ ඒවාත් අපි දෙන්නම්. අපිට මේ දුවගෙයි, අපේ පුතාලා දෙන්නගෙයි වෙනසක් නැහැනේ. අක්කා ඒ වෙනුවට මගේ පොඩි කොල්ලෝ දෙන්නව මේ කෙල්ල වගේ හොඳට හදලා දෙන්නකෝ.”

මගේ පුංචි හිතට මේ යෝජනාව අනතුරක සේයාවක් වගේ දැනුනත්, මගේ අම්මට එහෙම දැනුනේ නැහැ. අම්මා ඒ යෝජනාවට කැමති වුනා.

අම්මා ඒ දරුවෝ හැදුවා. පුංචි අම්මා මගේ පාසල් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කළා. හැබැයි මේ ලෝකේ තැන තියෙන්නේ සල්ලි වලට කියන එක ඔවුන්ගේ කතා බහෙන් මට තේරුනා. මගේ අම්මා මල්ලිලා දෙන්නා බලා ගන්න එකේ වටිනාකමට වඩා, මගේ පාසල් අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන් වැය කරන මුදල වටිනා බව නිතරම අඟවන්න පටන් ගත්තා.

මම එකින් එක විභාග සමත් වෙද්දී “අපි නැත්තම් ඕවා කර ගන්නද?” කියලා පුංචි අම්මා හිනා වේවි කිව්වා. ඒ හිනාව ඇතුලේ තියෙන සමච්චලය මට අඳුන ගන්න පුළුවන් වුනා.

ඒ දරුවෝ පාසල් යන වයසට ආවම, ඔවුන් අපව ඔවුන්ට කරදරයක් බව අඟවන්න පටන් ගත්තා. ඔව්. මිනිස්සුන්ට තව කෙනෙක්ගේ උදව් අවශ්‍ය වෙන්නේ අමාරු කාලය පහු කර ගන්නකම් විතරයි.

ඇයි අපි එහෙම අසරණ වුනේ? එක වැරදි තීරණයක් නිසා. තමන්ගේ දෙපයින් නැගී සිටීමේ හැකියාව තිබියදී, තවකෙකුගේ සරණ සොයන්නට ගිය නිසා.

කාන්තා අපි අසරණ නැහැ. අපි අසරණ වෙන්නේ විහින්මයි. පිට මිනිසුන් විශ්වාස කරන්න කලින් අපි අපිවම විශ්වාස කරන්න ඕනේ.

හැබැයි, මම මාව විශ්වාස කළා. මගේ අධ්‍යාපනය අතර මඟින් අඩාල වෙද්දී මගේ අම්මා දුක් වුනා. හැබැයි මම දුක් වුනේ නැහැ. මම ඉක්මනින්ම ඇඟලුම් කර්මාන්තශාලාවක රැකියාවට බැඳුනා. අම්මා කුලියට නිවසක් අරන් එතන ඉඳන් කුලියට ඇඳුම් මහන්න පටන් ගත්තා.

මම මගේ අධ්‍යාපනය නැවැත්තුවේ නැහැ. මගේ ආයතනයේ ඉහල නිලධාරීන් මාව අධ්‍යාපනය ලැබීමට උනන්දු කළා. මමත් දිගටම ඉගෙන ගත්තා. මම පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් මානව සම්පත් කළමනාකරණය ඩිප්ලෝමාව ලබා ගනිද්දී මගේ අම්මා සතුටු කඳුළු හෙලුවා.

එයින් සතියකට පස්සේ මට මම වැඩ කල ඇඟලුම් කර්මාන්ත ශාලාවේම විධායක තනතුරක් ලැබුනා.

ඉන් වසර කීපයකට පස්සේ මම මානව සම්පත් කලමනාකරණය උපාධිය ලබා ගත්තා. දැන් මම එම ආයතනයේම මානව සම්පත් කලමනාකාරිණියක්.

ජීවිතය කියන්නේ වැරදි වැරදි යන ගමනක්. ඉන් ඉගෙන ගත හැකි පාඩම් බොහෝමයි. මම සේවයට බැඳුනේ හොඳම ආයතනයක. අධ්‍යාපන සුදුසුකම් එකින් එක වැඩි වෙද්දී මට ආයතනය තුලම බොහොම පහසුවෙන් ඉහලට යන්න පුළුවන් වුනා.

මගේ ජිවිත අත් දැකීමෙන් මට ඔබට ලබා දෙන්න අවශ්‍ය පණිවිඩය මෙයයි. විවාහය, බැඳීම් ඕනෙම මොහොතක නැති වෙන්න පුළුවන්. එතැනදී ඔබ ඔබව විශ්වාස කරන්න. වෙන කාවවත් විශ්වාස කරන්න යන්න එපා. මොකද අසරණ වුනු ඔබෙන් ප්‍රයෝජන ගන්න ඔබේම හිතවතුන් පවා බලාගෙන ඉන්නවා.

කාන්තා ඔබේ පිහිටට ඉදිරිපත් වෙන හොඳ රැකියා ක්ෂේත්‍රයක් තමයි ඇඟලුම් ක්ෂේත්‍රය කියන්නේ. ඔබේ උත්සාහයට සරිලන්නට ඉහල වැටුපක් ලැබෙනවා. ආහාර වියදම් සහ ප්‍රවාහන වියදම් ඔවුන් විසින්ම සපයනවා. එහෙම නැත්තම් නොමිලේ ආහාර සහ ප්‍රවාහන පහසුකම් ලැබෙනවා. ඉතින් වැටුප එහෙමම ඉතුරු වෙනවා. ඔබට පුළුවන් ඒ ඉතිරි වන මුදලින් දිගටම ඉගෙන ගන්න. ඔබේ අධ්‍යාපන සුදුසුකම් වැඩි වෙනකොට ඔබට ආයතනය තුලම ඉහල තනතුරු වලට ලඟා වෙන්න අවස්තාව හිමි වෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button