අවසන් මොහොත තෙක් රෝගීන් පරික්ෂා කර පැමිණි ‘වෛද්‍යවරියට’ කෑමට බඩු නොදී එලවා දැමූ හැටි!

වෛද්‍යවරු ඇතුළු සුව සේවා කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ මේදිනවල සිය ජීවිතය පරදුවට තබමින් කරන සේවය මිළ කළ නොහැකි තරම්.
එහෙත් ඒ සේවයේ ඇති වටිනාකම නොදන්නා මිනිසුන් ද සිටින බව වැලිගම රෝහලේ වෛද්‍යවරියක් තැබූ ෆේස්බුක් සටහනකින් සනාථ වනවා.
අවසන් පාරිභෝගිකයා යන තුරු වෙළඳසැල් වැසීමෙන් වළකින ලෙස රජය ඊයේ (24)උපදෙස් දී තිබිය දී වැලිගම රෝහලේ වෛද්‍යවරියක් රෝගීන් පරික්ෂා කර සතොසට ගිය විට අත්විඳි එම ඉරණම එම සටහනින් දැක්වෙනවා.
එම සටහන පහතින් දැක්වෙනවා.
” වැලිගම රෝහලේ OPD එකේ වැඩ අවසන් වුයේ දහවල් 1.30 ට පමනවන අතර , අත්‍යාවශ්‍ය ආහාර ස්වල්පයක් ගැනීමට වැලිගම ස.තො.ස ට යද්දි 2 ට මිනිත්තු 5කි. ඇතුලේ බඩු ගන්න ආපු මිනිස්ස.
ස.තො.සේ දොර ලඟ සිටි සේවක මහතාට ” මම වැලිගම රෝහලේ වෛද්‍යවරියක් බවත් , ලෙඩ්ඩු පිරී සිටි නිසා එන්න ප්‍රමාද වුන බවත්, බඩු ටිකත් ගන්න අවශ්‍ය බවත් ” පැවසුවත් , “එලියට යන්න…එලියට යන්න…අපි දැන් බඩු දීලා ඉවරයි ” කියා දොර තදින් වසා දැමුවෙිය.
මගේ සිතේ ඇතිවුනේ මහා කලකිරිමකි.
උදේ 6 සිට සවස 4 දක්වා කාලය තුලදී අත්‍යාවශ්‍ය සේවයේ යෙදි සිටින අපිට 2 ට පෙර ආහාර ද්‍රව්‍ය ගැනීමට පිටතට යා නොහැක.
අනිත් අතට අවම පහසුකම් යටතේ මෙවන් නොමිනිසුන් වෙනුවෙන් ජිවිත කැප කර සේවය කරන්නේ ඇයිද කියා අද මට සිතුන.”